අවශ්‍ය ලියකියවිලි

අවශ්‍ය ලියකියවිලි: තනි පුද්ගල
සියලුම හැඳුනුම්පත් වලංගු විය යුතු අතර මුල් ලේඛන ඉදිරිපත් කළ යුතු බව කරුණාවෙන් සලකන්න:
– පදිංචිකරුවන් සඳහා: කටාර් හැඳුනුම්පත
– කටාර් ජාතිකයින් සඳහා: කටාර් හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය
– GCC ජාතිකයන් සඳහා: ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය
– අනේවාසිකයින් සඳහා: විදේශ ගමන් බලපත්‍රය සහ වීසා බලපත්‍රය

– බලය පැවරීමේ ලිපිය - කටාර් මහ බැංකුවේ ප්‍රේෂණ පිළිබඳ රෙගුලාසිවලට අනුව, ගනුදෙනු හිමිකරුගෙන් 'බලය පැවරීමේ ලිපියක්' සහ ඔහුගේ / ඇයගේ QID පිටපත ප්‍රේෂණ සමාගමට යොමු කිරීම හැර අන් අය වෙනුවෙන් මුදල් මාරු කිරීමක් සිදු නොකෙරේ. බාගත කිරීම සඳහා පහත බලය පැවරීමේ ලිපිය ලබා ගත හැකිය: 
1. තනි බලය පැවරීමේ ලිපිය (මෙතැනින් බාගන්න)
2. අසීමිත බලය පැවරීමේ ලිපිය (මෙතැනින් බාගන්න)

අවශ්‍ය ලියකියවිලි: සමාගම්, නීතිමය ආයතන
ගල්ෆ් එක්ස්චේන්ජ් සිය ආයතනික ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ විදේශ ගනුදෙනු සහ විදේශ විනිමය විකිණීම / මිලදී ගැනීම සඳහා උපකාර කරයි. ලියාපදිංචි වීමට, කරුණාකර අපගේ ළඟම ඇති ශාඛාව වෙත පහත ලිපි ලේඛන රැගෙන එන්න:
– වාණිජ ලියාපදිංචි පිටපත (CR පිටපත)
– වෙළඳ බලපත්‍රය
– පරිගණක කාඩ්පත
– කොටස් හිමියා (යන්)ගේ වලංගු QID පිටපත
– බලයලත් පුද්ගලයා (පුද්ගලයින්) ගේ වලංගු QID පිටපත
– සමාගම් මුද්‍රාව සහිත සමාගම් ලිපි ශීර්ෂය සහිත බලයලත් ලිපිය සහ බලයලත් අත්සන් කරුවන් විසින් පමණක් අත්සන් කල යුතුය (මෙතැනින් බාගන්න)